A5 Format Ready
පද්ධති පරිශීලක අත්පොත (System User Manual)
සියලුම කොටස් 1 සිට 07 දක්වා පහතින් පැහැදිලි කර ඇත.
01
ප්‍රධාන ස්කෑනර් තිරය (Main Scanner Screen)
කාර්යයන් සහ විස්තරය:
- 1. Scan Item (නිල් පැහැති බොත්තම): භාණ්ඩවල බාර්කෝඩ් (Barcode) ස්කෑන් කිරීම සඳහා කැමරාව සක්‍රීය කිරීමට මෙම බොත්තම ඔබන්න.
- 2. MANUAL ITEM ENTRY (අතින් ඇතුළත් කිරීම): බාර්කෝඩ් ස්කෑන් කිරීමට නොහැකි අවස්ථාවලදී, Enter Item Code ස්ථානයේ භාණ්ඩ කේතය සහ ප්‍රමාණය ඇතුළත් කර Add බොත්තම ඔබන්න.
- 3. Submit (කොළ පැහැති බොත්තම): එකතු කරන ලද සියලුම භාණ්ඩ සඳහා ඉන්වොයිසිය සෑදීමට මෙය භාවිතා කරයි.
- 4. Clear All: එකතු කරන ලද සියලුම භාණ්ඩ ලැයිස්තුව එකවර මකා දැමීමට භාවිතා කරන්න.
02
බාර්කෝඩ් ස්කෑන් කිරීම (Barcode Scanning)
කාර්යයන් සහ විස්තරය:
- 1. Scan Item (නිල් පැහැති බොත්තම): එබූ පසු කැමරා තිරය විවෘත වේ.
- 2.Frame Alignment (තිරය සැකසීම): භාණ්ඩයේ ඇති බාර්කෝඩ් එක තිරයේ ඇති සුදු පැහැති සෘජුකෝණාස්‍රාකාර රාමුව (Frame) තුළට නිවැරදිව යොමු කරන්න.
- 3. Scanning barcode (barcode ස්කෑන් කිරීම): තිරයේ Scanning barcode... ලෙස පෙන්වන අතර පද්ධතිය මගින් අදාළ බාර්කෝඩ් එක ස්වයංක්‍රීයව හඳුනා ගනු ඇත.
03
ස්කෑන් කළ භාණ්ඩ පරීක්ෂා කිරීම (Reviewing Scanned Items)
කාර්යයන් සහ විස්තරය:
- 1. Check Added Items (භාණ්ඩයේ නම පරීක්ෂා කිරීම): භාණ්ඩය සාර්ථකව එකතු වූ පසු තිරයේ Added: [භාණ්ඩයේ නම] ලෙස කොළ පැහැයෙන් පෙන්වයි.
- 2. Scan Another (වෙනත් ස්කෑන් කිරීම): Scan Another: තවත් භාණ්ඩයක් ස්කෑන් කිරීමට මෙම බොත්තම ඔබන්න.
- 3. SCANNED ITEMS: (ස්කෑන් කල අයිතම): ස්කෑන් කරන ලද භාණ්ඩයේ නම, කේතය (Code), සහ එකතුව (Price) පහතින් දර්ශනය වේ.
- 4. + / - buttons (+ / - බොත්තම්): භාණ්ඩයේ ප්‍රමාණය (Quantity) වැඩි කිරීමට හෝ අඩු කිරීමට භාවිතා කරන්න.
- 4. Trash Icon (කුණු බාල්දියේ අයිකනය): අදාළ භාණ්ඩය ලැයිස්තුවෙන් ඉවත් කිරීමට භාවිතා කරන්න.
- 5. Submit button (සම්බිට් බොත්තම්): සියලු භාණ්ඩ එකතු කර අවසන් වූ පසු Submit ඔබන්න.
04
ඉන්වොයිසිය සහ ගෙවීම් තහවුරු කිරීම (SHOPLY INVOICE)
කාර්යයන් සහ විස්තරය:
- 1. Invoice Window (ඉන්වොයිසිය දර්ශනය): Submit එබූ පසු මිලදී ගත් සියලුම භාණ්ඩවල විස්තර සහිත ඉන්වොයිසිය (Invoice Window) දර්ශනය වේ.
- 2. ckeck items (භාණ්ඩ පරීක්ෂාව): එක් එක් භාණ්ඩයේ ප්‍රමාණයන් සහ මිල ගණන් පරීක්ෂා කරන්න.
- 3. TOTAL PRICE (සම්පූර්ණ අයවීම): ගෙවිය යුතු මුළු මුදල කොළ පැහැයෙන් පෙන්වයි.
- 4. Confirm (සහතික කිරීම): ගනුදෙනුව තහවුරු කර අවසන් කිරීමට මෙම බොත්තම ඔබන්න.
- 5. Cancel (අවලංගු කිරීම): ගනුදෙනුව අවලංගු කිරීමට අවශ්‍ය නම් මෙය ඔබන්න.
05
නව භාණ්ඩයක් පද්ධතියට ඇතුළත් කිරීම - 1 කොටස (Adding New Item Details)
කාර්යයන් සහ විස්තරය:
- 1. Scan Item (නිල් පැහැති බොත්තම): භාණ්ඩවල බාර්කෝඩ් (Barcode) ස්කෑන් කිරීම සඳහා කැමරාව සක්‍රීය කිරීමට මෙම බොත්තම ඔබන්න.
- 2.Frame Alignment (තිරය සැකසීම): භාණ්ඩයේ ඇති බාර්කෝඩ් එක තිරයේ ඇති සුදු පැහැති සෘජුකෝණාස්‍රාකාර රාමුව (Frame) තුළට නිවැරදිව යොමු කරන්න.
- 3. Scanning barcode (barcode ස්කෑන් කිරීම): තිරයේ Scanning barcode... ලෙස පෙන්වන අතර පද්ධතිය මගින් අදාළ බාර්කෝඩ් අංකය ස්වයංක්‍රීයව හඳුනා ගනු ඇත.
- 4. Submit button (සම්බිට් බොත්තම්): පද්ධතියට නව භාණ්ඩයක් එකතු කිරීම Submit ඔබන්න. එවිට barcode එකට අදාල කේත අංකය code section එක මත දිස් වේ.
06
භාණ්ඩ ඇතුලත් කිරීම හා වෙනස් කිරීම (Add or Edit items)
කාර්යයන් සහ විස්තරය:
- 1. Item Title (භාණ්ඩයේ නම): භාණ්ඩයට අදාල නාමය මෙම තීරුවේ අතුලත් කරන්න.
- 2. Code (භාණ්ඩයේ බාර්කෝඩ් කේතය): භාණ්ඩයට අදාල බාර්කෝඩ් කේතය ස්වයංක්‍රීයවම ඇතුලත් වේ. barcode නැති අයිතම සදහා ඉලක්කම් 04 කේතයක් යොදාගන්න. (උදා: සීනි, හාල්)
- 3. Category (භාණ්ඩයට අදාළ වර්ගය): භාණ්ඩය අදාල වන කාණ්ඩය (category) මෙම තීරුවේ අතුලත් කරන්න.
- 4. *Price (Rs.) (භාණ්ඩයේ විකුණුම් මිල): භාණ්ඩයේ විකුණුම් මිල මෙම තීරුවේ අතුලත් කරන්න.
- 5. Stock Qty (අලුතින් එක්කරන තොග ප්‍රමාණය): අලුතින් එක්කරන තොග ප්‍රමාණය මෙම තීරුවේ සටහන් කරන්න. එවිට එය කලින් පැවති තොග ප්‍රමාණයට නව තොග ප්‍රමාණය ස්වයංක්‍රීයවම එකතු වේ.
- 6. Available Sizes(භාණ්ඩයට අදාළ ප්‍රමාණයන්): නව තොග පවතින විවිධ වර්ග (කුඩා,ලොකු) මෙම තීරුවේ දක්වන්න. මෙහිදී කලින් පැවති තොගවල වර්ගද එම තොග ඉතිරි වී ඇත්නම් මේ සමගම එක් කරන්න.
- 7. Save Item (නිල් පැහැති බොත්තම): ඇතුලත් කල විස්තර සුරැකීමට මෙම බොත්තම ඔබන්න. මකා දැමීමට Cancel බොත්තම ඔබන්න.
07
ගබඩා ලැයිස්තුව (Manage Store Items)
කාර්යයන් සහ විස්තරය:
- 1. Saved Store Items (සුරකින ලද භාණ්ඩ): පද්ධතියේ සුරකින ලද සියලුම භාණ්ඩ ලැයිස්තුව මෙහි දැක්වේ.
- 2. Search Bar (සෙවීම් තීරුව): භාණ්ඩයේ නම, කේතය හෝ වර්ගය ඇතුළත් කර පහසුවෙන් සෙවීමට භාවිතා කරන්න.
- 3. Edit icon (පැන්සල් අයිකනය): භාණ්ඩයේ විස්තර හෝ මිල ගණන් වෙනස් කිරීමට භාවිතා කරන්න. මෙහිදී ඇතුලත් කරන කේත අංකයට අදාල සියලු තොරතුරු වෙනස් වේ. (උදා: භාණ්ඩයේ නම, මිල, ප්‍රමණය, වර්ග,අදාල කාණඩය ආදිය)
- 4. Delete Icon (රතු පැහැති කසුඩෝ අයිකනය): අදාළ භාණ්ඩය පද්ධතියෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට භාවිතා කරන්න.
ගැලපෙන තොරතුරු හමු නොවීය
කරුණාකර වෙනත් සෙවුම් වචනයක් භාවිතා කරන්න.